අපි මිනිස්සු විදිහට ඉපදිලා ඉන්න මනුස්ස ලෝකේ සුගතියක් විදිහට කල්පනා කළත්.. මේකේ තියෙන තරමක් තියෙන්නේත් දුකම තමයි.. සංසාර දුකින් මිදුණොත් තමයි අපි නිදුක් වුණයි කියලා බය නැතුව කියන්න පුළුවං වෙන්නේ.. ඒ වුණත් පිං කරන්නා මෙලොවත් පරලොවත් සතුටු වෙනවයි කියලත් බුදු දහමේ තියෙනවානේ.. මං උත්සාහ කරන්නේ බුදු දහමයි සමාජයයි අතරේ තියෙන පරතරය පුංචියට හරි අඩු කරන්න..
නිදුක් බලන කට්ටිය
2014/02/15
ආගම් මාරුවෙන් සිදුවන්නේ මනස විකෘති වීම යි
මූලධර්මවාදී ආගමික කණ්ඩායම්වලට රැවටුණ අපේ රටේ ඇතැම් බෞද්ධයෝ බුදුදහම අත්හරිති. ආගමික තැරැව්කරුවන්ගේඉගැන්වීම්වලට මුළා වුණ ඇතැම්හු රෝගාබාධවලට බෙහෙත් නොකොට දෙවියන්ට යාච්ඤා කිරීමෙන් තම දරුවන් මරණයට යොමුකරන්නට තරම් මෝඩ වෙති. චාටු බස් පවසමින්, නොයෙකුත් ද්‍රව්‍යාධාර බෙදමින් ගම්වල හැසිරෙන ආගමික නියෝජිතයන්ගේ යටිඅරමුණු ඔවුන්ගේ ඉගැන්වීම්වල ස්වරූපය, පිළිවෙත් හා හැසිරීම් රටාව ගැන බෞද්ධයන් දැන සිටිය යුතුය. ආගමික කණ්ඩායම් තමආගමික නිකායට පිරිස බඳවාගැනීම සඳහා දේශනා පැවැත්වීම, සහනාධාර බෙදාදීම, මෝහනය, බෙහෙත් ද්‍රව්‍ය ශරීර ගත කිරීම වැනිඋපක්රම යොදා ගනිති.පුද්ගලයන් ආගමට හරවා ගැනීම සඳහා මෝහනය භාවිතා කොට එය දේව හාස්කමක් මෙන් ඉස්මතු කර පෙන්වීම යාච්ඤාමධ්යස්ථානවල හා එළිමහන් උද්‍යානවල සිදුවෙයි. පුද්ගලයකු මෝහනයට පත්කිරීමෙන් ඇතැම් විට කායික හා මානසික රෝගාබාධ සුවවන්නට ඉඩ තිබේ. විද්‍යාත්මක පදනමක් එහි ඇත. ඒ සඳහා ආගමික චාරිත්‍ර වුවමනා නැත. යාච්ඤා මධ්‍යස්ථානවල රෝගීන් වටේ සිටිනආගමික පූජකයෝ උස් හඬින් කෑ ගසා දෙවියන්ට ස්තූති වාක්‍ය කියමින් ඔවුන්ගේ හිස මතට අත තබති. රෝගීන්ගේ සිත් තුළ මානසිකතැතිගැන්මක් ඇති කරති. උස් කට හඬ හා ඉහළ නාදයකින් යුත් සංගීතය ද එයට යොදා ගනිති. එයින් සිත් දුබල පුද්ගලයෝ මෝහනයටහා තැතිගැන්මට ලක්වෙති.මෝහනයට පත් පුද්ගලයෝ ඇද වැටෙති. එයින් ජීවිත හානි සිදුවුණ අවස්ථා රාශියක් මාධ්‍යවලින් එළිදරව් කොට ඇත. සිත දැඩි ලෙසතබා ගන්නා පුද්ගලයන් කිසිවිටෙකත් මෙම මෝහන උපක්රමයට ගොදුරු වන්නේ නැත. යක්ෂයා තවමත් බලවත්ව ඔබ තුළ සිටින නිසාරෝගය සුව නොවේ. ආශිර්වාදය නොලැබේ. ඊළඟ දවසේත් යාච්ඤාවට එන්න යන උපදේශය ඔවුන්ට ලැබේ. ඔවුන් යක්ෂයා යනුවෙන්සඳහන් කරන්නේ බුදුරදුන් ය. ගම්බද පරිසරයක හැදුණ අයත්, මානසික දුබලතා තිබෙන අයත් මෝහනයට හසුකර ගැනීම පහසු ය.මෝහනය කිරීමෙන් තාවකාලිකව රෝගාබාධ යටපත් වන්නට ඉඩ ඇත. ඒ ගැන නොදන්නා අය අද්භූත බලවේගයක්, දේව හාස්කමක්සිදුවූවා යැයි සිතා එම දෙවියන් වෙත යොමුවෙති.ආගමට හැරවීමේ දී පුද්ගලයන්ගේ “මනස සේදීම” - හෙවත් පුද්ගලයකුගේ මතකය නැති කර දමා ඒ වෙනුවට ආගමික නිකායේ අදහස්මනසට ඇතුල් කිරීම සිදුවෙයි. කෙනකුගේ මනස සේදීම යාච්ඤා කිරීමෙන් පමණක් නොව මත් බෙහෙත් දීමෙන් හෝ වෙනත් ක්රියාවන්ආශ්රයෙන් වුව ද සිදුකරන්නට පුළුවන. පුවත්පත්, චිත්‍රපට, ටෙලි නාට්‍ය, විද්‍යුත් මාධ්‍ය ද ඒ සඳහා යොදා ගැනෙයි. බැලූ බැල්මට ආගමිකස්වරූපයක් නොපෙනුණත් ක්‍රමයෙන් බුදුදහමෙන් හා සදාචාර ධර්මවලින් ඈත්කිරීම සිදුවෙයි. අපේ රටේ තරුණ පරපුර නොදැනුවත්වමමාධ්ය වැඩ සටහන් ඔස්සේ බුද්ධාගමෙන් හා බොදු හැදියාවෙන් ඈත් කෙරෙන හැටි හොඳින් විමසා බැලුවොත් වැටහෙනු ඇත. බොදුආගමික ඉගැන්වීම් සැකයට භාජනය කිරීම ද සිදුවෙයි. පුද්ගලයකුගේ මනස වෙනස් කිරීමට හෙවත් ග්‍රහණයට හසුකර ගන්නා ක්‍රමකීපයක් ආගමික නිකායන් මගින් භාවිතා කරන බව හෙළි වී තිබේ.
1.පුද්ගලයකුගේ හැසිරීම පාලනය ආගමට හැරවීමේ එක් ක්රමයකි. එය සිදුකරන්නේ ජීවත්වන පරිසරය, ඇඳුම්, පැළඳුම්, ආහාර පාන,ගැහැණු පිරිමි නිදහසේ හැසිරීමට සැලැස්වීම, තද සීතල ජලයේ නෑවීම, නිදා ගැනීමට ඉඩ නොදීම, එදිනෙදා පුරුදු කාල සටහන වෙනස්කිරීම වැනි ක්‍රම යොදා ගැනීමෙනි.
2.පුද්ගලයකුගේ සිතිවිලි පාලනය කිරීම තවත් ක්රමයකි. තම ආගමික ඉගැන්වීමෙන් බැහැර දේවල් ගැන සිතන්නට ආගමට බඳවාගන්නාඅයට ඉඩ නොලැබෙයි. පොත්පත් සඟරා කියවීම හා කිසියම් දෙයක් ගැන ප්‍රශ්න කිරීම ඔවුන්ට තහනම් ය.
3.බාහිර වශයෙන් ලැබෙන තොරතුරු සීමා කිරීම තවත් උපක්රමයකි. ආගමට බඳවා ගන්නා අයට බාහිර දේවල් පිළිබඳ දැනුමලබාගැනීමට තිබෙන ඉඩකඩ වසා දැමෙයි. රූපවාහිනිය නැරඹීම, ගුවන් විදුලියට සවන්දීම, පුවත්පත් කියවීම, බාහිර පුද්ගලයන් සමගසබඳකම් පැවැත්වීම වැනි දේ තහනම් කෙරෙයි. එසේ සිදුකරන්නේ පුද්ගලයකුට බාහිර වශයෙන් කරුණු දැනගෙන හරි වැරැදි තේරුම්ගැනීමට අවස්ථාව නොදී ඔහු හුදෙකලා කිරීම යි.
4.අස්ථාන බය ඇතිකිරීම (ෆෝබියාව) පුද්ගලයන් පාලනය කරන තවත් ක්රමයකි. ආගමික මධ්‍යස්ථානවලට යොමුකර ගන්නාපුද්ගලයන් එයින් පිටවීම වැළැක්වීම සඳහා ඔවුන්ගේ සිත් තුළ අස්ථාන බියක්, තැතිගැන්මක් ඇතිකරනු ලැබේ. දේව විශ්වාසයඅත්හැරියොත්, දෙවියන්ගෙන් දඬුවම් ලැබෙන්නේ යැ යි බියක් හිතට කාවද්දනු ලැබේ. එවැනි බියක් දුබල මනසකට කාවැදුණ පසු එයසිතින් ඉවත් කිරීම අමාරු ය. එහි ප්‍රතිඵලය වශයෙන් උගුර කට වියැලීම, දහඩිය දැමීම, හද ගැස්ම වැඩිවීම, මස්පිඩු සෙලවීම, ශරීරයඅප්රාණික වීම ආදී ලක්ෂණ පහළවෙයි. විශ්වාසයෙන් බැහැර වූවොත් බාහිර පුද්ගලයන් විසින් මරණ බව කීමෙන් හෝ සාතන් විසින්අපායට ගෙන යන බව කියන්නට ද ඉඩ ඇත. රෝගියකු සුවකිරීමට යාච්ඥාව වෙනුවට බෙහෙත් හා ලේ දුන්නොත් දේව කෝපයඑල්ලවන බවට තැති ගන්වන අවස්ථා ඇත.ආගමික නිකායකට පිරිසක් බඳවාගත් පසු ඔවුන්ගේ හැකියාවන් මත වර්ග කොට සේවයට යොදවා ගැනේ. ඒ අනුව ආගමට අලුතෙන්පිරිස බඳවාගැනීමේ කාර්යය ගුරුවරයකුට පැවරෙන්නට පුළුවන. එම ගුරුවරයාගේ කාර්යය වන්නේ ළමුන්ගේ සිත් ඇද බැඳ ගැනීමෙන්පසු ආගමික නිකායේ මතවාදවලට හා හැසිරීම් රටාවන්ට ළමුන් නැඹුරු කරවීම යි. මෙය දැනට අපේ රටේ පැවැත්වෙන ඇතැම් ටියුෂන්පන්ති මගින් සිදුකෙරේ. එය සිදුකරන්නේ බුදුදහමටත්, බෞද්ධ සංස්කෘතියටත් විරුද්ධව විවිධ අදහස් පැතිරවීමෙනි. මේ නිසා උපකාරකපන්තිවලට හා වෙනත් සංවිධානවලට තම දරුවන් යොමුකරන බෞද්ධ දෙමව්පියන් දරුවන්ගේ හැසිරීම් රටාව හා බුදුදහම ගැන සිතනඅයුරු ගැන විමසිල්ලෙන් සිටිය යුතු ය.ආගමික කණ්ඩායමකට බඳවාගැනීම සඳහා නිශ්චිත ක්‍රමයක් නැත. ආගම් මාරුවේ යෙදෙන ආයතනයක රැකියාවට යාම, පුවත්පත්දැන්වීම්වලට හා ප්රචාරක පත්‍රිකාවලට පිළිතුරු යැවීම, අන්තර්ජාල සබඳතා වැනි කාරණා ඔස්සේ වුව ද කෙනකු නොදැනුවත්වම ආගමික නිකායක ග්‍රහණයට හසුවන්නට ඉඩ ඇත. ආගමික නිකායකට බැෙඳන්නට බලපාන හේතු විවිධ ය. නොපෙනෙන බලවේගයක පිහිටපැතීම, ආධ්‍යාත්මික ශක්තියක් අපේක්ෂා කිරීම, දුප්පත්කම. ආදර සබඳකම්, රෝගාබාධ, සමාජය තුළ කැපී පෙනීමේ ආශාව,සමාජයෙන් කොන්කරනු ලැබීම, ආගම් මාරුවේ යෙදෙන සංවිධානවලින් ආධාර හා රැකවරණය ලැබීම වැනි හේතු ඒ අතර වෙයි.ආගමකට බැඳුණ නවක බැතිමතුන්ට මුල් කාලයේ දී සතුටින් කල් ගත කරන්නට හැකි පසුබිමක් සකස් කර දෙනු ලැබේ. මා මෙතෙක්ගතකළ ජීවිතය දුක්බර ය. මෙම ආගමට බැඳුණ පසු මම නැවත උපත ලැබුවා යන හැඟීම ඔහුට ඇතිවෙයි. නමුත් පසුව එම සැලකිලිසංග්රහ නැතිව යයි. එවිට ඔහු තම නෑදෑයන් අතර කොන්වෙයි. මානසික වශයෙන් පීඩනයකට ලක්වෙයි. ආගම් මාරුවට ගොදුරු වූපුද්ගලයන් උමතුවෙන් දිවිහානි කරගන්නා අවස්ථා දක්නට ඇත.ආගමික නිකායන් ගැන තොරතුරු දැනගැනීම සඳහා කිසිවිටෙකත් ඒවාට සම්බන්ධ නොවිය යුතු ය යනු අවවාදයකි. ආගමික නිකායකට ඇතුල් වූ පසු තමා නොදැනුවත්ව ම එයට නැඹුරු වෙයි. එයින් නික්මෙන්නට සැරසුණොත්, ආගමික නිකායේ රහස් තොරතුරු පිටතටයාම වැළැක්වීම සඳහා ඔහුගේ ජීවිතයට හානි කරන්නට ඉඩ ඇත. මෑතක දී බිහි වී අපේ රටට පැමිණ ඇති ආගමික නිකායවලටසම්බන්ධව රැකියාවක් ලෙස එහි නිරත තැරැව්කාර පුද්ගලයෝ අපේ රටේ බොහෝ ප්‍රදේශවල ක්‍රියාකාරීව සිටිති. ඔවුහු බොහෝ විටඋපතින් බෞද්ධයෝ ය. ඔවුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ආගමික ගැටුම් මතුවෙමින් පවතියි. හිංසාකාරී ආගමික ගැටුම්වලට මැදිහත්වීම බෞද්ධයන්ගේ ස්වභාවයක් නොවේ. නොයෙකුත් ආධාර බෙදමින්, දේශනා පවත්වමින් බෞද්ධ, හින්දු හා සාම්ප්‍රදායික ක්රිස්තියානිආගමිකයන් බිලිබාගන්නා අලුත් ආගමික නිකායවලට ගොදුරු නොවීමට කල්පනාකාරී විය යුතු ය. අපේ මුතුන් මිත්තන්ගෙන් උරුම වූඋතුම් බුදුදහම හා සිරිත් විරිත් සුලු ලාභ ප්‍රයෝජන වෙනුවෙන් පාවා දීම හොඳ නැත.මැදගම ධම්මානන්ද හිමි
( අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික )
Subscribe to:
Post Comments (Atom)
ඇත්ත ගොඩක් මේ වගේ අය මිනිස්සුන්ගේ දුර්වල තැන් තමයි අල්ලගන්නේ ලෙඩ රෝග මුදල් නැතිකම වගේ දේවල් වලින් මිනිස්සු අසරන වෙනවා ඒ වගේ වෙලාවට මේ අය ගානට මිනිස්සුන්ව බිලී බා ගන්නවා.
ReplyDeleteඅපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com
ඉතා අගනා ලිපියක්..
ReplyDelete