නිදුක් බලන කට්ටිය

2014/03/10

වංචක ද්වේශය

ද්වේෂය බුදු දහමට අනුව සතරාකාරය. මේ ද්වේෂයේ වංචනික ආකාර බොහෝ ප්‍රමාණයක් ඇත.

ඉන් එකකි අවිහිංසාව වශයෙන් පහළවන්නා වූ වංචක ද්වේෂය.

කරුණාව හා කරුණා පූර්වභාගය අවිහිංසාව නම් වේ. එය ද්වේෂයට විරුද්ධ ස්වභාවයකි. බලවතෙකු විසින් දුර්වලයෙකු පෙළනා අයුරු දකිනා කල්හි සමහරවිට බලවතාට විරුද්ධව අවිහිංසා රූපයෙන් ද්වේෂය පහළ වේ. ( උදා - පන්ති වාදය ). සර්පයෙකු විසින් මැඩියෙකු ගිලින කල්හි මැඩියා පක්ෂය ගෙන සර්පයාට පහර දෙන්නේ මේ අවිහිංසා ප්‍රතිරූපක ද්වේෂයෙනි. කාහට වුවත් පීඩාවක් කිරීම හිංසාවම මිස අවිහිංසාව නොවේ.

මොවුන්ගේ විශේෂ ස්වභාවයක් නම් පක්ෂයක් ගෙන තවත් පක්ෂයකට පීඩා කිරීමයි. ( උදා - දේශපාලනය )

සමහරු සත්ත්වයන්ගේ මාංශ අනුභව කරන්නන්ට පරිභව කරමින් අපහාස කරති. ඔවුන් එය ඔවුන්ගේ අවිහිංසාව යැයි සිතති. නමුත් එයින් දෙපක්ෂයටම පළක් නොවේ. යමක් කළ යුත්තක් නොවේ නම් ඒ ඇයි දැයි හේතු කාරණා සහිතව පැහැදිලි කරදී අදාළ පුද්ගලයා යහපතෙහි පිහිටුවීම නියම අවිහිංසාවයි.

සමහරු වේදනා විඳින සතුන් දැක අවිහිංසාව යැයි සිතා ඔවුන් වේදනාවෙන් මුදවන්න කරනවා යැයි සිතමින් ඔවුන් මරා දමති. ද්වේෂයෙන් තොරව ප්‍ර‍ාණඝාතය කළ නොහැක.

අන්‍යන්ට ගර්හා කරනු කැමති සමහරුන්ගේ සිතේ ද කරුණා ස්වරූපයෙන් ද්වේෂය පහළ වේ. එවිට ඔවුන් කරුණාව නිසා අන්‍යන්ට හිතසුව පිණිස යමෙකුගේ වැරදි හුවා දැක්වීම යහපත් යැයි සිතා කරුණෘ වේෂයෙන්ම අන්‍යන්ට ද්වේෂයෙන් ම ගර්හා කරති. ( උදා - සමාජයේ සිදුවන මඩ ගසා ගැනීම්).

අසත්පුරුෂයන් ඇසුරු කිරීම නොයෙක් විපත් වලට හේතුවකි. ඔවුන්ගෙන් වෙන්ම විසීම යහපත්ය. සමහර කෙනෙක්ට සමහර කෙනෙකුන් හා සම්බන්ධව හටගන්නා ද්වේෂය අසත්පුරුෂ පරිවජ්ජනතා ස්වරූපය ගනී. එයින් වංචිත වූ තැනැත්තේ තමා නොසතුටු පුද්ගලයන් ( ඇසුරු නොකරන හෝ ඇසුරු කිරීමට අකමැති පුද්ගලයන් ) දුටු කළ අසත්පුරුෂයන්ගෙන් දුරුවීමේ ආකාරයෙන් ඉවත බලයි. නැති තැන ඔහුට ගර්හාද කරයි. ( උදා - පෙනුමෙන් හා හැසිරීමෙන් අපිව විනිශ්චය කොට තැන තැන අපිට බනිමින් යන අය).

පුද්ගලයෙකුට ගර්හා කිරීම නොසුදුසුය. එහෙත් පාප ක්‍රියාවන්ගේ දෝසයක් ඇත්නම් කෙනෙකුට පෙන්වා දිය යුතුය. එයට පාප ගර්හාව යැයි කියනු ලැබේ. පුද්ගලයෙකුට ගර්හා කිරීමත් (හේතු රහිතව හෝ නැති වැරදි පෙන්වමින්) පාපයක් බැවින් පවට බිය ඇත්තෝ එසේ නොකරති. නමුත්, එසේ පුද්ගල ගර්හාව වරදක් බව පිළිගන්නා ඇතැමුන් කෙරෙහි අන්‍යයන්ට ගර්හා කරනු කැමති බව වූ ද්වේෂය පාප ගර්හිතා වේෂයෙන් පහළ වන්නේය. එයින් වංචා වූ තැනැත්තෝ පාපයට ගර්හා කරන්නේ යැයි සිය සිත රවටමින් පුද්ගලයන්ට ගර්හා කරති. ( උදා - සමාජයේ ඇති මඩ ගසා ගැනීම්).

- ප්‍රඥාවන්තයන් උදෙසා රේරුකානේ චන්දවිමල මහනාහිමිගේ දේශනාවක් ඇසුරෙනි..

අප ලොව්තුරා අමාමෑණී සම්මා සම්බුදුරජාණන්වහන්සේ සුනෙත්ත සහ අරක සූත්‍ර දේශනා වලදී දක්වනවා යම් කිසි ශාස්තෘවරයෙක්, මිත්‍යාදෘෂ්ටිය ගැන දේශනා නොකර සුගතියකට යන්න, සුගතිගාමී වෙන්නට මාර්ගය දේශනා කරනවානම් ඒ කෙනාට දොස් කියන්නට, ඒ ධර්ම මාර්ගය අනුගමනය කරන අයට දොස් නගන්නට යන්න එපා. සත්‍ය නම් දේශනා කරන්නෙ, එයයි වටින්නේ කියලා. බොහෝවිට මෙහෙම අය පහළ වෙන්නේ බුදු කෙනෙක් ලෝකයේ නැති කාලවල පමණයි. බුදු කෙනෙක් වැඩ ඉන්න කාලයේ ලෝකයේ පහළ වෙන එකම සත්‍ය දහම බුදුදහම පමණයි.

මේ සමාජයේ ඉන්නවා එක්තරා කොටසක්. ඒ කොටස හැමවිටම වංචනික ධර්මයන්ගෙන් මුලාවෙලා පැත්තක් අල්ලගෙන අනිත් පැත්තට ගරහ ගරහා ඉන්නවා.

උදාහරණයක් විදියට බලන්න, පිරිසක් මහමෙව්නාවට බනිනවා, පිරිසක් සිරි සදහම් ආශ්‍රමයට බනිනවා, දැන් අර මහරහතුන් වැඩි මග ඔස්සේ හාමුදුරුවන්ටත් පිරිසක් බනිනවා.

ඉතින් දැන් මේ හැම තැනකම යම් යම් වෙනස්කම් සහිතව දේශනා වෙන්නේ බුදු දහමයි. ක්‍රමය වෙනස්. මතගැටුම් ඇතිවෙන්නෙ මේකයි. සමහර විට මේවා නිසා ධර්මය විනාශ වෙන්නත් පුලුවන්. බුදුරජාණන් වහන්සේත් දේශනා කළානේ බුදුදහම වගේ ධර්මයන් ඇතිවෙන නිසාත් බුදුදහම විනාශ වෙනවා කියලා.

ඉතින් මේ මිනිස්සු ඇයි මේ ස්වාමීන්වහන්සේලට බනින්නේ?

බුදුදහමේ සඳහන් වෙනවා වංචනික ධර්මයන් කියලා කොටසක් ගැන. මේ කොටසේ තියනවා ශ්‍රද්ධාව ලෙසින් වංචා කර වටහාගෙන කෙනෙක් තුළ රාගය ඇතිවෙනවා කියන කාරණය. මේක තමයි දැන් වෙලා තියෙන්නේ. ශෝභන රූපය, මිහිරි කටහඬ, තරුණ බව, සිත් ගන්නා සුළු මිහිරි වදන් තියන භික්ෂූන් වහන්සේලා දකින සමහර අයට, විශේෂයෙන්ම කාන්තාවන්ට ශ්‍රද්ධා ආකාරයෙන් (පැහැදීමේ ආකාරයෙන්) රාගය පහළ වෙනවා. දැන් ඒ අය දන්නෙ නෑ මේ ඒ අයට පහළ වෙලා තියෙන්නේ ශ්‍රද්ධාව නෙමෙයි වෙන එකක් කියලා. එයලා හිතන්නේ මේ ශ්‍රද්ධාවමයි කියලා. එහෙම හිතාගෙන අර හාමුදුරුවන්වම අල්ලගෙන අනේ බොහොම හොඳ හාමුදුරුවෝ, ශෝක් හාමුදුරුවෝ කිය කියා ඒ හාමුදුරුවො ගාවටම පමණක් යන්නට පටන් ගන්නවා. ඒ හාමුදුරුවන්ටම සැලකිලි කරනවා. ඒ හාමුදුරුවො සමග සසඳලා අනිත් හාමුදුරුවරු පහත් කොට විග්‍රහ කරනවා. අනික් හාමුදුරුවරුන්ට නින්දා කරනවා. දැන් ඒ අයගේ මේ ශ්‍රද්ධාව මොකද්ද කියලා එයාලවත්, එයාලගේ පවුලේ අයවත්, එයාගේ නෑයොවත්, කව්රුවත් දන්නෙ නෑ. කව්රුහරි කෙනෙක් මේ කාරණය තේරුම් අරගෙන මේ කෙනාට පැහැදිලි කරල දෙන්නට උත්සහා කරොත් ඒ කෙනාට බනිනවා ඊර්ෂ්‍යාව, ශ්‍රද්ධාව නැතිකම, පව්කාරකම කියලා. ඒ වගේ ක්ලේශ වංචනයන්ට මිනිස්සු කොයි තරම් අහුවෙනවද කියලා තේරෙනවනේ. දැන් වෙලා තියෙන්නෙත් මේක තමයි.

ඒකට ඔය උක්ත වැඩ සටහන් වල හාමුදුරුවරුන්ට කරන්නට දෙයක් නෑ.

මේක තමයි ශ්‍රැතය නැතිකම කියන්නේ. ධර්මය පිළිබඳ දැනීම නැහැ.

සමහර ඇත්තො ගාථා කවි කටපාඩම් කරලා, ධර්ම කරුණු කටපාඩම් කරලා තමන් මහා ප්‍රඥාවන්තයෝ, මාර්ගඵල ලාභියෝ කියලා හිතාගෙන ඉන්නවා. ආනන්ද හාමුදුරුවන්ගේ චරිතය ගැන විමසීමෙන් බලන්න. ප්‍රඥාව කියන්නේ ස්මරණ ශක්තිය නෙමෙයි. ස්මරණය කිව්වේ මතකය. දෙයක් මතක තිබූ පමණින් ඒක ප්‍රඥාව කියන්නට බැහැ. මොකද මනුස්සයෙකුට ඕනෑ තරම් මතක ශක්තිය තියෙන්නට පුළුවන්. නමුත් ප්‍රඥාව ඇතිවෙන්නේ නුවණින් විමසීමෙන්. නුවණින් විමසීමේ හැකියාව වැඩිවෙන්නට, වැඩිවෙන්නට තමයි ඒ තැනැත්තාගේ ප්‍රඥාව උසස් වෙන්නේ.

අන්න ඒ කාරණා මතක තියා ගන්න.

හැමදාමත් වගේ මේ කරුණූ ටිකත් මම කියන්නේ ප්‍රඥාවන්තයන්ට පමණයි. මොකද අර මම කලින් පෝස්ටුවක දැම්ම ද්වේෂ සහගත වංචනික ධර්ම තියන ඇත්තෝ කොහොමත් බනින අයට බැණ බැණම ඉන්නවා. ඒක ඉතින් ඒ ඇත්තන්ගේ ප්‍රඥාව. අපි හරි දේ කරන්නට, හරි මග යන්නට පුරුදු වීමයි වටින්නේ.

තෙරුවන් සරණයි!!

සටහන - විශ්ව වංශනාත්

2014/02/15

ආගම් මාරුවෙන් සිදුවන්නේ මනස විකෘති වීම යි


මූලධර්මවාදී ආගමික කණ්ඩායම්වලට රැවටුණ අපේ රටේ ඇතැම් බෞද්ධයෝ බුදුදහම අත්හරිතිආගමික තැරැව්කරුවන්ගේඉගැන්වීම්වලට මුළා වුණ ඇතැම්හු රෝගාබාධවලට බෙහෙත් නොකොට දෙවියන්ට යාච්ඤා කිරීමෙන් තම දරුවන් මරණයට යොමුකරන්නට තරම් මෝඩ වෙතිචාටු බස් පවසමින්නොයෙකුත් ද්‍රව්‍යාධාර බෙදමින් ගම්වල හැසිරෙන ආගමික නියෝජිතයන්ගේ යටිඅරමුණු ඔවුන්ගේ ඉගැන්වීම්වල ස්වරූපයපිළිවෙත් හා හැසිරීම් රටාව ගැන බෞද්ධයන් දැන සිටිය යුතුයආගමික කණ්ඩායම් තමආගමික නිකායට පිරිස බඳවාගැනීම සඳහා දේශනා පැවැත්වීමසහනාධාර බෙදාදීමමෝහනයබෙහෙත් ද්‍රව්‍ය ශරීර ගත කිරීම වැනිඋපක්‍රම යොදා ගනිති.පුද්ගලයන් ආගමට හරවා ගැනීම සඳහා මෝහනය භාවිතා කොට එය දේව හාස්කමක් මෙන් ඉස්මතු කර පෙන්වීම යාච්ඤාමධ්‍යස්ථානවල හා එළිමහන් උද්‍යානවල සිදුවෙයිපුද්ගලයකු මෝහනයට පත්කිරීමෙන් ඇතැම් විට කායික හා මානසික රෝගාබාධ සුවවන්නට ඉඩ තිබේවිද්‍යාත්මක පදනමක් එහි ඇත සඳහා ආගමික චාරිත්‍ර වුවමනා නැතයාච්ඤා මධ්‍යස්ථානවල රෝගීන් වටේ සිටිනආගමික පූජකයෝ උස් හඬින් කෑ ගසා දෙවියන්ට ස්තූති වාක්‍ය කියමින් ඔවුන්ගේ හිස මතට අත තබතිරෝගීන්ගේ සිත් තුළ මානසිකතැතිගැන්මක් ඇති කරතිඋස් කට හඬ හා ඉහළ නාදයකින් යුත් සංගීතය  එයට යොදා ගනිතිඑයින් සිත් දුබල පුද්ගලයෝ මෝහනයටහා තැතිගැන්මට ලක්වෙති.මෝහනයට පත් පුද්ගලයෝ ඇද වැටෙතිඑයින් ජීවිත හානි සිදුවුණ අවස්ථා රාශියක් මාධ්‍යවලින් එළිදරව් කොට ඇතසිත දැඩි ලෙසතබා ගන්නා පුද්ගලයන් කිසිවිටෙකත් මෙම මෝහන උපක්‍රමයට ගොදුරු වන්නේ නැතයක්ෂයා තවමත් බලවත්ව ඔබ තුළ සිටින නිසාරෝගය සුව නොවේආශිර්වාදය නොලැබේඊළඟ දවසේත් යාච්ඤාවට එන්න යන උපදේශය ඔවුන්ට ලැබේඔවුන් යක්ෂයා යනුවෙන්සඳහන් කරන්නේ බුදුරදුන් ගම්බද පරිසරයක හැදුණ අයත්මානසික දුබලතා තිබෙන අයත් මෝහනයට හසුකර ගැනීම පහසු .මෝහනය කිරීමෙන් තාවකාලිකව රෝගාබාධ යටපත් වන්නට ඉඩ ඇත ගැන නොදන්නා අය අද්භූත බලවේගයක්දේව හාස්කමක්සිදුවූවා යැයි සිතා එම දෙවියන් වෙත යොමුවෙති.ආගමට හැරවීමේ දී පුද්ගලයන්ගේ “මනස සේදීම” - හෙවත් පුද්ගලයකුගේ මතකය නැති කර දමා  වෙනුවට ආගමික නිකායේ අදහස්මනසට ඇතුල් කිරීම සිදුවෙයිකෙනකුගේ මනස සේදීම යාච්ඤා කිරීමෙන් පමණක් නොව මත් බෙහෙත් දීමෙන් හෝ වෙනත් ක්‍රියාවන්ආශ්‍රයෙන් වුව  සිදුකරන්නට පුළුවනපුවත්පත්චිත්‍රපටටෙලි නාට්‍යවිද්‍යුත් මාධ්‍ය   සඳහා යොදා ගැනෙයිබැලූ බැල්මට ආගමිකස්වරූපයක් නොපෙනුණත් ක්‍රමයෙන් බුදුදහමෙන් හා සදාචාර ධර්මවලින් ඈත්කිරීම සිදුවෙයිඅපේ රටේ තරුණ පරපුර නොදැනුවත්වමමාධ්‍ය වැඩ සටහන් ඔස්සේ බුද්ධාගමෙන් හා බොදු හැදියාවෙන් ඈත් කෙරෙන හැටි හොඳින් විමසා බැලුවොත් වැටහෙනු ඇතබොදුආගමික ඉගැන්වීම් සැකයට භාජනය කිරීම  සිදුවෙයිපුද්ගලයකුගේ මනස වෙනස් කිරීමට හෙවත් ග්‍රහණයට හසුකර ගන්නා ක්‍රමකීපයක් ආගමික නිකායන් මගින් භාවිතා කරන බව හෙළි වී තිබේ.

1.
පුද්ගලයකුගේ හැසිරීම පාලනය ආගමට හැරවීමේ එක් ක්‍රමයකිඑය සිදුකරන්නේ ජීවත්වන පරිසරයඇඳුම්පැළඳුම්ආහාර පාන,ගැහැණු පිරිමි නිදහසේ හැසිරීමට සැලැස්වීමතද සීතල ජලයේ නෑවීමනිදා ගැනීමට ඉඩ නොදීමඑදිනෙදා පුරුදු කාල සටහන වෙනස්කිරීම වැනි ක්‍රම යොදා ගැනීමෙනි.

2.
පුද්ගලයකුගේ සිතිවිලි පාලනය කිරීම තවත් ක්‍රමයකිතම ආගමික ඉගැන්වීමෙන් බැහැර දේවල් ගැන සිතන්නට ආගමට බඳවාගන්නාඅයට ඉඩ නොලැබෙයිපොත්පත් සඟරා කියවීම හා කිසියම් දෙයක් ගැන ප්‍රශ්න කිරීම ඔවුන්ට තහනම් .

3.
බාහිර වශයෙන් ලැබෙන තොරතුරු සීමා කිරීම තවත් උපක්‍රමයකිආගමට බඳවා ගන්නා අයට බාහිර දේවල් පිළිබඳ දැනුමලබාගැනීමට තිබෙන ඉඩකඩ වසා දැමෙයිරූපවාහිනිය නැරඹීමගුවන් විදුලියට සවන්දීමපුවත්පත් කියවීමබාහිර පුද්ගලයන් සමගසබඳකම් පැවැත්වීම වැනි දේ තහනම් කෙරෙයිඑසේ සිදුකරන්නේ පුද්ගලයකුට බාහිර වශයෙන් කරුණු දැනගෙන හරි වැරැදි තේරුම්ගැනීමට අවස්ථාව නොදී ඔහු හුදෙකලා කිරීම යි.

4.
අස්ථාන බය ඇතිකිරීම (ෆෝබියාවපුද්ගලයන් පාලනය කරන තවත් ක්‍රමයකිආගමික මධ්‍යස්ථානවලට යොමුකර ගන්නාපුද්ගලයන් එයින් පිටවීම වැළැක්වීම සඳහා ඔවුන්ගේ සිත් තුළ අස්ථාන බියක්තැතිගැන්මක් ඇතිකරනු ලැබේදේව විශ්වාසයඅත්හැරියොත්දෙවියන්ගෙන් දඬුවම් ලැබෙන්නේ යැ යි බියක් හිතට කාවද්දනු ලැබේඑවැනි බියක් දුබල මනසකට කාවැදුණ පසු එයසිතින් ඉවත් කිරීම අමාරු එහි ප්‍රතිඵලය වශයෙන් උගුර කට වියැලීමදහඩිය දැමීමහද ගැස්ම වැඩිවීමමස්පිඩු සෙලවීමශරීරයඅප්‍රාණික වීම ආදී ලක්ෂණ පහළවෙයිවිශ්වාසයෙන් බැහැර වූවොත් බාහිර පුද්ගලයන් විසින් මරණ බව කීමෙන් හෝ සාතන් විසින්අපායට ගෙන යන බව කියන්නට  ඉඩ ඇතරෝගියකු සුවකිරීමට යාච්ඥාව වෙනුවට බෙහෙත් හා ලේ දුන්නොත් දේව කෝපයඑල්ලවන බවට තැති ගන්වන අවස්ථා ඇත.ආගමික නිකායකට පිරිසක් බඳවාගත් පසු ඔවුන්ගේ හැකියාවන් මත වර්ග කොට සේවයට යොදවා ගැනේ අනුව ආගමට අලුතෙන්පිරිස බඳවාගැනීමේ කාර්යය ගුරුවරයකුට පැවරෙන්නට පුළුවනඑම ගුරුවරයාගේ කාර්යය වන්නේ ළමුන්ගේ සිත් ඇද බැඳ ගැනීමෙන්පසු ආගමික නිකායේ මතවාදවලට හා හැසිරීම් රටාවන්ට ළමුන් නැඹුරු කරවීම යිමෙය දැනට අපේ රටේ පැවැත්වෙන ඇතැම් ටියුෂන්පන්ති මගින් සිදුකෙරේඑය සිදුකරන්නේ බුදුදහමටත්බෞද්ධ සංස්කෘතියටත් විරුද්ධව විවිධ අදහස් පැතිරවීමෙනිමේ නිසා උපකාරකපන්තිවලට හා වෙනත් සංවිධානවලට තම දරුවන් යොමුකරන බෞද්ධ දෙමව්පියන් දරුවන්ගේ හැසිරීම් රටාව හා බුදුදහම ගැන සිතනඅයුරු ගැන විමසිල්ලෙන් සිටිය යුතු .ආගමික කණ්ඩායමකට බඳවාගැනීම සඳහා නිශ්චිත ක්‍රමයක් නැතආගම් මාරුවේ යෙදෙන ආයතනයක රැකියාවට යාමපුවත්පත්දැන්වීම්වලට හා ප්‍රචාරක පත්‍රිකාවලට පිළිතුරු යැවීමඅන්තර්ජාල සබඳතා වැනි කාරණා ඔස්සේ වුව  කෙනකු නොදැනුවත්වම ආගමික නිකායක ග්‍රහණයට හසුවන්නට ඉඩ ඇතආගමික නිකායකට බැෙඳන්නට බලපාන හේතු විවිධ නොපෙනෙන බලවේගයක පිහිටපැතීමආධ්‍යාත්මික ශක්තියක් අපේක්ෂා කිරීමදුප්පත්කමආදර සබඳකම්රෝගාබාධසමාජය තුළ කැපී පෙනීමේ ආශාව,සමාජයෙන් කොන්කරනු ලැබීමආගම් මාරුවේ යෙදෙන සංවිධානවලින් ආධාර හා රැකවරණය ලැබීම වැනි හේතු  අතර වෙයි.ආගමකට බැඳුණ නවක බැතිමතුන්ට මුල් කාලයේ දී සතුටින් කල් ගත කරන්නට හැකි පසුබිමක් සකස් කර දෙනු ලැබේමා මෙතෙක්ගතකළ ජීවිතය දුක්බර මෙම ආගමට බැඳුණ පසු මම නැවත උපත ලැබුවා යන හැඟීම ඔහුට ඇතිවෙයිනමුත් පසුව එම සැලකිලිසංග්‍රහ නැතිව යයිඑවිට ඔහු තම නෑදෑයන් අතර කොන්වෙයිමානසික වශයෙන් පීඩනයකට ලක්වෙයිආගම් මාරුවට ගොදුරු වූපුද්ගලයන් උමතුවෙන් දිවිහානි කරගන්නා අවස්ථා දක්නට ඇත.ආගමික නිකායන් ගැන තොරතුරු දැනගැනීම සඳහා කිසිවිටෙකත් ඒවාට සම්බන්ධ නොවිය යුතු  යනු අවවාදයකිආගමික නිකායකට ඇතුල් වූ පසු තමා නොදැනුවත්ව  එයට නැඹුරු වෙයිඑයින් නික්මෙන්නට සැරසුණොත්ආගමික නිකායේ රහස් තොරතුරු පිටතටයාම වැළැක්වීම සඳහා ඔහුගේ ජීවිතයට හානි කරන්නට ඉඩ ඇතමෑතක දී බිහි වී අපේ රටට පැමිණ ඇති ආගමික නිකායවලටසම්බන්ධව රැකියාවක් ලෙස එහි නිරත තැරැව්කාර පුද්ගලයෝ අපේ රටේ බොහෝ ප්‍රදේශවල ක්‍රියාකාරීව සිටිතිඔවුහු බොහෝ විටඋපතින් බෞද්ධයෝ ඔවුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ආගමික ගැටුම් මතුවෙමින් පවතියිහිංසාකාරී ආගමික ගැටුම්වලට මැදිහත්වීම බෞද්ධයන්ගේ ස්වභාවයක් නොවේනොයෙකුත් ආධාර බෙදමින්දේශනා පවත්වමින් බෞද්ධහින්දු හා සාම්ප්‍රදායික ක්‍රිස්තියානිආගමිකයන් බිලිබාගන්නා අලුත් ආගමික නිකායවලට ගොදුරු නොවීමට කල්පනාකාරී විය යුතු අපේ මුතුන් මිත්තන්ගෙන් උරුම වූඋතුම් බුදුදහම හා සිරිත් විරිත් සුලු ලාභ ප්‍රයෝජන වෙනුවෙන් පාවා දීම හොඳ නැත.මැදගම ධම්මානන්ද හිමි
අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික ) 

2014/01/22

මනුෂ්‍ය ජීවිතයක වටිනාකම




පින්වත් බෞද්ධයිනි,

මනුෂ්‍ය ජීවිතයක් ලැබීම කියන්නෙ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට ඉතාම දුර්ලභ අවස්ථාවක්. ඒ මනුෂ්‍ය ජීවිතය මිත්‍යාදෘෂ්ටිකයෙක් නොවී බෞද්ධයෙකුව උපත ලබන්නත්, ධර්මය ඇසිය හැකි කාලයක, ධර්මය ඇසිය හැකි පෙදෙසක නීරෝගීව, බුද්ධිය ඇතුව මනුෂ්‍ය ජීවිතයක් ලබනවා කියන්නේ අපි ‍පෙර කරපු කුසල් නිසාම අපට ලැබෙන ඉතා දුර්ලභ අවස්ථාවක්.

නොපෙනෙන දෙවියෙකු අදහාගෙන, අනිවාර්යෙන් අපායගාමී වෙන අයට වඩා, කාන්තාරවල, වතුර සල්ලි වලට ගන්නට වෙන රටවල මනුෂ්‍යයෙක් විදියට උපත ලබන අයට වඩා ඒ අතින් මේ කියවන ඔබ කොයිතරම් පින්වන්තයිද කියල ඔබ මොහොතකටවත් හිතුවද? මේ ලැබිල තියෙන්නේ ඉතාම දුර්ලභ අවස්ථාවක්..

පින්වතුනි, ඉතින් ඒ දුර්ලභ අවස්ථා‍වෙන් ප්‍රයෝජනයක් නොගෙන නිකම්ම ඉඳල මැරිල යන්නද අදහස?
මතක තියාගන්න පින්වතුනි, ඔබ මේ ආත්මභාවයේ මෙහෙම උපත ලැබුවේ පෙර කළ කුසල ශක්තියටයි. කුසල් කියන දේ ගෙවෙනවා. හරියට පදින්න පදින්න කරත්ත රෝදය ගෙවෙනවා වගේ. අළුතින් රෝදයක් නොදැම්මොත්, රෝදය අන්තිමටම ගෙවෙනකන් හිටියොත්, කරත්තයෙන් ආපහු ගමනක් යන්න බෑ නේද?

ඒ වගේ මේ ආත්මේදිම නිවන් දකින්න ඔබට බැරිනම්, යළිත් මේ වගේ ආත්ම භාවයක් ලබන්න යළි යළිත් කුසල් කළ යුතුමයි. මනුෂ්‍ය ලෝකයේදී පමණයි ඔබට පින් රැස් කරන්න පුළුවන්. ඒක හොඳට මතක තියා ගන්නට ඕන. කුසල් අවසාන වෙනකොට අකුසල් උඩට මතුවෙලා පලදෙන්න පටන් ගන්නවා. ඊට පෙර නිර්වාණාවබෝධය උදෙසා කුසල් රැස් කිරීම ඔබලා සතු කාර්යයයි.

නමුත් ගොඩක් දෙනා අද කුසල් රැස් කරන්න පින් කරන්නේ අවබෝධයකින් නෙමෙයි. ඒ නිසා අපි අද ඉඳන්වත් කරන සෑම කුසලයක්ම සිහියෙන් කරන්නට උත්සාහ ගමු.

නැත්තම් ඒ කරන කුසලයේ නියම අර්ථයක්, ප්‍රතිඵලයක් නැති වෙනවා.

පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සුනෙත්ත සූත්‍රය කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේ තියෙන්නේ දිර්ඝායුෂ තිබ්බ කාලයක විස්තර. මේ බුද්ධ දේශනාවට අනුව බුදුරදුන් දේශනා කරනවා මිනිස්සු ගුණධර්ම වලින් පිරිහෙන් පිරිහෙන්න මිනිස්සු ආයුෂ වලින් අඩුවෙන බව.

ඊටපස්සෙ මිනිස්සු බලන්නේ ඒ චූටි කාලයේ පුළුවන් තරමින් සතුටින් ඉන්නයි. හැබැයි ධර්මයෙන් නෙමෙයි. අධර්මයෙන්. ඒ කියන්නේ ආයුෂ අඩුවෙන්න අඩුවෙන්න මිනිස්සු තව තවත් අධර්මයටම යොමුවෙනවා. ඒ විදියට අධර්මයට හැරෙන්න හැරෙන්න තව තවත් ආයුෂ අඩුවෙනවා. ඉතින් තවත් අධර්මයට හැරෙනවා. තවත් ආයුෂ අඩුවෙනවා.

බුදුරජාණන්වහන්සේ සුනෙත්ත සූත්‍රයෙන් දේශනා කරන්නේ ආ‍යුෂ ඉතා වැඩි කාලයක් ගැන.

ඉතින් පින්වතුනි, මේ සුනෙත්ත සූත්‍රයෙ තියෙන්නේ අතීතයේ, බුදුදහම නැති කාලෙක ජීවත් වුණු සුනෙත්ත කියල ශාස්තෘවරයෙක් ගැන. මේ සුනෙත්ත ශාස්තෘවරයට නොයෙක් සිය ගණන් ශ්‍රාවකයෝ ඉඳල තියෙනව.

මේ සුනෙත්ත කියන ශාස්තෘවරයා මිනිස්සුන්ට ධර්මය කියා දුන්නා. බ්‍රහ්ම ලෝකවල උපදින්න මාර්ගය කියා දුන්නා. සමහර අය එහෙම ධර්මය දේශනා කරන සුනෙත්තට බැන්නා. ඒ බැනපු අය මරණින් මතු නිරයේ ඉපදුණා. ඒ ධර්මය පිළිපැදපු අය මරණින් මතු දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල, වෙනත් සුගති ලෝකවල ඉපදුණා.

ඊටපස්සේ ඉපදුණා මූගපක්ඛ කියලා තවත් ශාස්තෘවරයෙක්. මෙයත් ධර්මය දේශනා කළා මිනිස්සුන්ට බ්‍රහ්ම ලෝකවලට යන මාර්ගය. ඒ කිව්වේ ධ්‍යාන වඩන්න. බ්‍රහ්ම ලෝකවල යන්නේ ධ්‍යානලාභී අයනේ. ධ්‍යානලාභී වෙන්න නම් කාමයන්හි වීතරාගි වෙන්න ඕන. ඒ කිව්වේ කාමය අත්හරින්නට ඕන.

මේ විදියට මූගපක්ඛට පස්සේ අරනේමි, කුද්දාල, හත්ථිපාල, ජෝතිපාල ආදී තවත් ශාස්තෘවරු පහළ වුණා. මේ හැමෝම ධර්මය දේශනා කළේ බ්‍රහ්ම ලෝකවලට යන්නයි.

දැන් බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා අරක සූත්‍රය ගැන. අර පෙර කිව්ව ශාස්තෘවරුන්ට පස්සේ‍ අරක නම් ශාස්තෘවරයා පහළ වුණා. එයා ධර්මය දේශනා කළෙත් බ්‍රහ්මලෝකවලට යන්නයි. මේ අරක කියන ශාස්තෘවරයා තමන්ගේ ශ්‍රාවකයින්ට මෙහෙම දේශනා කරනවා..

බ්‍රාහ්මණවරුනි, මේ ජීවිතය හරියට තණ අග පිණි බිඳුවක් වගේ. හිරු නගිනකොට සැණෙකින් නැතිවෙනවා. බ්‍රාහ්මණවරුනි මේ ජීවිතයත් හරියට තණ අග පිණි බිඳුවක් වගේ. බොහෝ ටික කාලයයි තියෙන්නේ. සැණෙකින් නැතිවී යනවා. හැමවිටම කුසල් කරන්න. පින් රැස් කරගන්න. උපන් කෙනෙක්ට නොමැරී සිටින්නට විදිහක් නෑ.

ඊළඟට අරක ශාස්තෘවරයා කියනවා, බ්‍රාහ්මණවරුනි, වැසි වතුර වතුරට වැටෙද්දී සැණෙකින් දිය බුබුලු හටගන්නවා. නමුත් වැඩිවේලා තියෙන්නේ නෑ. ඉක්මණින් විනාශ වෙනවා. බ්‍රාහ්මණවරුනි මේ ජීවිතයත් හරියට දිය මත දිය බුබුලක් වගේ. බොහෝ ටික කාලයයි තියෙන්නේ. සැණෙකින් නැතිවී යනවා. හැමවිටම කුසල් කරන්න. පින් රැස් කරගන්න. උපන් කෙනෙක්ට නොමැරී සිටින්නට විදිහක් නෑ.

තවත් ඔහු මෙහෙම කියනවා, බ්‍රාහ්මණවරුනි, දිය මත ඉරක් ඇන්ද විට වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. ඉක්මණින් මැකී යනවා. ඒ වගේ මේ ජීවිතයත් බොහෝ ටික කාලයයි තියෙන්නේ. සැණෙකින් නැතිවී යනවා. හැමවිටම කුසල් කරන්න. පින් රැස් කරගන්න. උපන් කෙනෙක්ට නොමැරී සිටින්නට විදිහක් නෑ.

මේ ජීවිතය හරියට කන්දකින් පහළට වේගයෙන් ගලා බහින සැඩපහරක් වගේ. හසුවෙන සෑම දෙයක්ම ගසාගෙන යනවා. ඒ විදියට නොකැඩී ගලන සැඩපහරක් වගේ නොනැවතී ගලාගෙන යන ජීවිතය මරණයෙන් කෙළවර වෙනවා. හැමවිටම කුසල් කරන්න. පින් රැස් කරගන්න. උපන් කෙනෙක්ට නොමැරී සිටින්නට විදිහක් නෑ.

අරක ශාස්තෘවරයා ඊළඟට ජීවිතය රත්වූ තහඩුවකට දැමූ මස් කැබැල්ලකට උපමා කරනවා. එම මස් කැබැල්ල ඉකිමණින් රත්වී පිළිස්සී යනවා වගේ මේ ජීවිතයත් කෙටියි, බොහෝ දුත් සහිතයි. හැමවිටම කුසල් කරන්න. පින් රැස් කරගන්න. උපන් කෙනෙක්ට නොමැරී සිටින්නට විදිහක් නෑ කියලා.

පින්වතුනි වැදගත්ම කාරණාව මේකයි. ඉන්පස්සේ බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා,
මහණෙනි, අරක ශාස්තෘවරයා ඒ විදියට ජීවිතයේ කෙටි බව, අනියත බව ගැන කියපු කාලයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු හැට දහසක්.. කියල.

පින්වතුනි බලන්න, එතකොට බුදුරජාණන්වහන්සේ මේ දේශනාව සිදුකරල අවුරුදු දෙදහස් පන්සියයකටත් වැඩියි. එහෙනම් මේ කාලයට මේ දේශනාව කොයිතරම් ගැලපෙනවද කියල හිතන්න පොඩ්ඩක්.

ඒ කාලයේ මිනිස්සුන්ට දැන් කාලයේ වගේ ලෙඩ රෝග තිබුණේ නෑ. ඒ කාලයේ මිනිසුන්ට තිබුණෙ ආබාධ හයයි. සීතල නිසා අසනීප වීම, රස්නය නිසා අසනීප වීම, පිපාසය, බඩගින්න, මළ පහවීම, මුත්‍රා පහවීම තියන ටිකයි ඒ ආබාධ ටික.

එතකොට එහෙම ආයුෂ තිබුණ මිනිස්සුන්ටයි අරක ශාස්තෘවරයා අර විදියට ජීවිතයේ අනියත බව දේශනා කළේ. පොඩ්ඩක් හිතන්න පින්වත්නි. අපි මේ වෙනකන් අපේ ජීවිතයට මොකද්ද කරගත්තු ප්‍රයෝජනය කියල?

අපි අපි වෙනුවෙන් යමක් කළාද? පිරිහීගෙන යන සම්බුදු සසුන වෙනුවෙන් යමක් කළාද? පිරීහීගෙන යන අපේ සිංහල ජාතිය වෙනුවෙන් යමක් කළාද? අපේ දුවා දරුවන්ගේ අනාගතේ ගැන හිතල අපි මේ රට වෙනුවෙන් යමක් කළාද?
හිතන්න පින්වතුනි.. අප්පමාදෝ අමතපදං කියන්නේ ඒකයි.. ප්‍රමාදය පසුතැවීමට හේතු වෙනවා.. ‍තවත් ප්‍රමාද වෙන්නට එපා.. හිතන්න.. කළ යුත්ත කුමක්ද කියා නිවැරදිව තීරණය කරන්න.

 ඔබ සැමට තෙරුවන් සරණයි !!!

සැකසුම,
විශ්ව වංශනාත්.