නිදුක් බලන කට්ටිය

2011/07/22

දුෂ්චරිත (දුසිරිත්)



තමන්ට හෝ අනුන්ට දුකක්, කරදරයක් හෝ හිංසාවක් වන වැරදි සිරිත්, දුසිරිත් බව අප තේරුම් ගත යුතුය. හොඳින් අවධානය යොමු කළහොත් අප තුල බොහෝ දුසිරිත් ඇති බව ද  අපට තේරුම් ගත හැක. 


වෙනත් අයගේ දුසිරිත් දැකීමට වඩා තමන්ගේ දුසිරිත් ඇත්නම් ඒවා සුසිරිත් බවට හරවා ගැනීම වැදගත්ම කාරණයයි.


පස් පවින් වැලකීමෙන් අපට දුසිරිත් වලින් බොහෝ දුරට ඈත් වී සිටිය හැක. එහෙත් එපමණක්ම නොසෑහේ. දුසිරිත් ඇති විය හැකි ආකාර ගැන අප කල්පනා කළ යුතුය. 


උදා : පර පණ නැසීමේ අකුසලය. 
මෙය සිදු වන්නේ වෙනත් කෙනෙක් ඝාතනය කිරීමෙනි. එහෙත්  සතෙක් මරන්නෙ නැතිව මස් ආහාරයට ගැනීම පුරුද්දක් කරගත්තොත් එය නරක සිරිතක් නොවේද? සතුන්ට හිංසා කිරීම නරක සිරිතක් නොවේද? 


සියල්ලටම සිත මුල්වෙන බැවින් යහපත් අරමුණු පුරුදු කිරීමෙන්ම දුසිරිත් දුරලිය හැක. අනුන් ගැන විවිධ විවේචන ඉදිරිපත් කරන්නන් තම ගැන සිතන තරමටම අනුන් ගැනත් සිතුවානම් නරකද?


අයහපත් අරමුණ යහපත් අරමුණකින්ම ප්‍රථිස්ථාපනය කළ යුතුය. 


අපට මේ හැටි කරදර ඇත්තේ අප තුල ඇති දුසිරිත් නිසාමය. 


වඩාත් සුලබ උදාහරණ කීපයක්


1. බීමත් කම : 
    බීමත් රියැදුරන් වැඩි හරියක් අනතුරු වලට වග කිව යුතු නොවේද?
    බීමත් තාත්තලා නිසා අනාථ වුනු පවුල් කොපමණ තිබේද?


2. දුම් බීම
    හෘද රෝග, පිළිකා වලට මූලිකම හේතුවකි.
    අක්‍රීය දුම් පානය තුලින් කී දෙනෙක්ට අහක යන ලෙඩ වැටී ඇත්ද?
3. අසංවර ඇඳුම්
    තැනට නොහොඹින අසංවර ඇඳුම් නිසා දකින අයගේ මනස තුල විවිධ අදහස් ඇතිවේ. එක් එක් අයගේ චින්තනයට අනුව (කාමුක, රාගික, ද්වේශ ආදී) විවිධ සිතුවිලි ඇති වී එමගින් බොහෝ නරක ප්‍රථිඵල අත්විය හැක.
     තමා හැඳ ඇති ඇඳුම තැනට නොගැලපෙන බව වැටහුනොත් ඇඳුම ඇඳි කෙනාද මානසිකව අපහසුතාවයට ලක් වනු ඇත. 


  සංවර චාම් ඇඳුම කොතැනත් සිත්ගනු ඇත. එබඳු ඇඳුම් ඇඳීම පුරුදු වන්න.

*****
තමා ගැන දවසට මිනිත්තු පහක් මෙනෙහි කරන්න. සුසිරිත් කරගත යුතු දුසිරිත් නිරතුරු ඔබට හමු වේවි. 


මේ ලිපිත් කියවලා බලන්න
අපි තවත් ප්‍රමාද වෙමු ද?

මිථ්‍යාවන්ගෙන් මිදීම


ඔබේ අදහසත් ලියලම යන්න.....

5 comments:

  1. වටිනා ලිපියක්, අපි අඩුම තරමේ දවසකට සැරයක් වත් අපි කලේ මොනාද කියලා හිතලා බලන්න ඕන ..........

    එතකොට අපිට අපි ගැනම තක්සේරුවකට එන්න පුලුවන් ......

    ReplyDelete
  2. ඉතාම වටිනා ලිපියක්. මගේ අද ලිපියේ බෝධි පූජා ජ්‍යෝතිෂය වැනි කරුනු ගැන මම ඉක්මනින් හොඳ ලිපියක් ලියන්නම්. කෙසේ හෝ ඔබ ඉතා දක්ෂ අයෙක් බව මට සිතේ. එනම් කෙනෙක් ඉතාමත් කලාතුරකින් නඟන තර්ක ඔබට ඇති නිසා සහ ඔබගේ මපූරු ප්‍රශ්න ඇසීමෙ රටාව නිසාය. නමුත් මම ඔබට එක දෝෂාරෝපනයක් කරමි. එනම් ඇයි මෙතරම් ඩහ්කම් තබාගෙනත් නොලියන්නේ?
    ඔබ මීට වඩා ලිවිය යුතු කෙනෙක්. අපි මේ බ්ලොග් අවකාශයේ තර්ක කරමු, ගැටළු විසදාගමු. මමත් ඉතාමත් කාර්ය්‍ය බහුල අයෙක්. සමහර විට මේ බ්ලොග් කෙරුවාව නිසා මගේ නින්දෙන් යම් කාලයක් කැප කිරීමට සිදු වෙයි. එහෙත් මගේ ලිපි කියවන අය ගැන සිතා සැනසෙමි. ඔබ දිගටම ලියන්න.
    ජයම පතමි!!!!!!!

    ReplyDelete
  3. බොහොමත්ම ස්තූතියි චතුර.

    මාත් බැලුවා ඔබේ ලිපිය මාත් විශ්වාස කරන්නේ මගේ සිත ගැන. මා කවදාව්ත් බෝදි පූජා කර නෑ. නැමුත් මොකක්දෝ බලවේගයක් තියනවා කියලා සිතනවා. ඒ කියන්නේ යම් දෙයක්
    නිතර නිතර සිතීම තුලින් මට ඒ දේ ලැබිලා තියනවා.

    මාත් ගොඩාක් ආසයි මේ ගැන වැඩි දුර දැනගන්න..
    මාත් ගොඩාක් දේවල් දන්නේ නම් නෑ. නමුත් ලොකු පිපාසයකින් පෙලෙනවා මේවා දැනගන්න.

    ජය

    ReplyDelete
  4. සමාවෙන්න මුකුත්ම කියන්න බැරි වුණාට. වැඩ නිසා මඟ හැරුණා.
    @කල්හාර
    ඇත්තෙන්ම දුසිරිත්, සුසිරිත් නිවැරදිව හඳුනාගෙන දවසකට සැරයක් අපි ගැන මෙනෙහි කළොත් ජය ගන්න පුළුවන් වේවි නේද අපේ අරමුණු.

    ReplyDelete
  5. @වෙද මහත්තයා
    මුලින්ම මා ගැන කළ ප්‍රශංසාවට ස්තුතිවන්ත වෙමි. දෙවනුව නිතර ලියන්න බැරි වීම ගැන කණගාටුව පළ කරමි. එමෙන්ම මේ ලිපියට ප්‍රතිචාර දක්වා මට දුන් සහයෝගය මහත් සේ අගය කොට සලකමි. ඔබගේ ජ්‍යෝතිෂය ගැන ලියැවුණු අගනා ලිපිය කියෙව්වෙමි (සම්පූර්ණයෙන් කියවන්නට වෙලාවක් නොතිබුණි). මෙවැනි දෑ සාකඡ්ඡා කිරීමයි ඉතාම අවශ්‍ය.
    @ගිම්හානි
    සිතේ බලයක් තිබෙන බව මාත් විශ්වාස කරනවා. ඒත් බලාපොරොත්තු ගොඩගසා සිතට අමතර බරක් පටවනවාට මං විරුද්ධයි. බොහොම ස්තුතියි ගිම්හානි මේ පැත්තට ඇවිත් අදහස් පළ කළාට

    ReplyDelete

ඔබේ අදහස බොහො වටී මට