නිදුක් බලන කට්ටිය

2012/01/11

මත් ද්‍රව්‍ය

මත් ද්‍රව්‍ය ගැන මගේ විග්‍රහයත් මීට කලිං කාමයේ වරදවා හැසිරීම ගැන තිබුණා වගේ ටිකක් වෙනස් විග්‍රහයක්.

පොඩි කාලෙ මං ඔය මත්ද්‍රව්‍ය කියලා හිතං හිටියේ සිගරැට් සහ අරක්කු කියන දෙවර්ගය සහ ඒවයේ ආදේශක වන බීඩි, සුරුට්ටු සහ රා වගේ ඒවා විතරයි.. ඒත් පහු කාලීනව මේ ලිස්ට් එකේ තවත් ආදේශක වගේම වෙනත් විදිහේ මත් ද්‍රව්‍යත් තියෙන බව තේරුණා..

දුම ඉරීමෙන් : සිගරැට්, බීඩි, සුරුට්ටු වලට අමතරව ගංජා මල්, හෙරෝයින් වගේ මත් ද්‍රව්‍යත්...
මත් පැන් ලෙස : අරක්කු, බියර්, රා, වයින්, විස්කි, බ්‍රැන්ඩි, කසිප්පු වගේ මත්ද්‍රව්‍යත්
කෑමෙන් : බුලත් විට (දුංකොල), මදන මෝදකය වගේ මත්ද්‍රව්‍යත්තියෙන බව මං ලොකු වෙනකොට දැන ගත්තා..

ඒත් මෑතකදී මට තේරුණා අපි මත් වෙන්නේ මේවැයින් විතරක් නෙවෙයි කියලා.. අපේ හිත පසිඳුරන් හරහා විවිධ දේවල් වලින් මත් වෙනවා.. මේ වෙලාවට අපට පියවි සිහිය නෑ.. නැත්නම් පියවි සිහිය අඩුයි. සමහර විට ක්‍රීඩාවෙන්, ඉගෙන ගැනීමෙන්, සිංදුවකින් වගේ හොඳයැයි සැලකෙන දෙයකින් වුණත් මත් වෙන්න පුළුවන්.. අපි උත්සාහ කරන්න ඕන මේ මත් වීම අවම කරන්න..

සමහරු ලස්සන ගෑණු ළමයෙක් දැක්කාම මත් වෙනවා.. ඒ ආශාවෙන්.. රාගයෙන්.. තවත් සමහරු මුදල් නිසා මත් වෙනවා... ඒ තණ්හාවෙන්..

මේ වගේ හොඳට මෙනෙහි කළොත් අපේ මත් වීම් ගැන හිතාගන්න පුළුවන්.. ඉතිං එතකොට මත්ද්‍රව්‍ය වෙන්නේ මොනවද කියලත් හිතාගත්ත හැකි නොවැ..

ප.ලි
මේකත් මගේ ම අදහසක්. ඒ හිංදා පරහක් එහෙම තියේනං කියන්ට හොඳේ..

මේ ගැන ඔයාලට හිතෙන්නේ මොනවද කියලත් කියලා යන්න පුළුවන් නම් ස්තුතිවන්ත වෙනවා..

5 comments:

  1. වටිනා අදහසක්. ඒත් ඔබ සතියකට වරක්වත් ලියනවනම් අගෙයි. උත්සාහ කරලා බලන්න.

    ReplyDelete
  2. ස්තුතියි දිරිගැන්වීමට... මේ වසරේ මාසෙකට ලිපි දෙකක් වත් ලියන්න උත්සාහ කරනවා..

    ReplyDelete
  3. පසිඳුරන්ගෙන් විතරද මත් වෙන්න පුළුවන්? හය වෙනි එක අදාල නැත්ද?

    ReplyDelete
  4. ඇත්ත හය වෙනි එකෙන් මත් වෙන්න පුළුවන් කියලා තර්කයකුත් ගොඩ නඟන්න පුළුවන්.. ඒත් මිත්‍රයා... ඒක කායගතා සතිය ට අදාල නෑ නේද? පස් පවු වලින් කතා කරන්නේ කායගතා සතිය ගැන නේ...?

    ස්තුතියි අදහසට.. සමාවෙන්න කමෙන්ටුව ප්‍රමාද වුණාට..

    ReplyDelete
  5. මේකටත් කියන්න තියන්නෙ කාම මිත්‍යාචාරයට කියපු එක තමා,
    හොඳට උයල තියන කෑම එකක් ආපහු උයන්න ගියොත් ඉතින්...

    ReplyDelete

ඔබේ අදහස බොහො වටී මට